ගුවන් හමුදාව මගින් කොරෝනා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සංගිත ප‍්‍රසංගය රැුසක්

කොරෝනා මර්ධනය සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ උපදෙස් මත කොරෝනා රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ඊට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තුර්යවාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප‍්‍රසංගයන් කිහිපයක් බම්බලපිටිය සහ බොරැුල්ල වනාතමුල්ල මහල් නිවාස සංකිර්ණයන්හි ජනතාව වෙනුවෙන් පවත්වන ලදී.

කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාවට නිවෙස් තුලම රැුදෙමින් ඒකාකාර ජිවන රටාවක් ගත කිරිමට මේ වන විට සිදුවී ඇත. ජනතාවගේ එම ඒකාකාරි ජිවන රටාවට වෙනසක් එක්කිරිම මෙන්ම මානසික සුවයක් ලබාදීමේ අරමුණින් මෙම සංගිත ප‍්‍රසංගය පවත්වන ලදී. වෙනත් දිනවලදි සංගිත සංදර්ශණ නැරඹීමට එක්රැුස් වන ජනතාව රටේ පවතින තත්වය හේතුවෙන් තම නිවාස තුලට වී සංගිත ප‍්‍රසංගය රස විඳීමට සිදුවු අතර ඉදිරි  දිනවලදී ද මෙවැනි වැඩසටහන් රැුසක් ගුවන් හමුදාව විසින් ක‍්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.