ගුවන් හමුදා සීබීආර්එන්ඊ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් නෙදර්ලන්තයෙන් පැමිණි ලන්දේසි නෞකාවක කාර්යමණ්ඩලයක් විෂබිජහරණය සිදු කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ (සීබීආර්එන්ඊ) කණ්ඩායමක් විසින් නෙදර්ලන්තයේ සිට දිවයිනට පැමිණි 236 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ බඩු බාහිරාදිය සහ ඔවුන් පැමිණි ගුවන් යානය ද සමග විෂබිජහරණය සිදු කරන ලදී.

මෙම කාර්යමණ්ඩලය විශේෂ ගුවන් යානයකින් නෙදර්ලන්තයේ සිට මත්තල ගුවන් තොටුපලට 2020 මැයි මස 03 වන දින පැමිණි අතර ගාලු වරායේ නැංගුරම්ලා තිබෙන නෞකාවක ආදේශක කාර්යමණ්ඩලයක් වේ. තවද ලන්දේසි ජාතිකයින් 53 දෙනෙකු අද දින රාත‍්‍රියේ ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔවුන් ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් විෂබිජහරණය කිරීමට නියමිතයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.