අංක 64 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඉලෙක්ට්‍රොනික මාධ්‍ය භාවිතයෙන් ඇරඹෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය නව මඟකට යොමු කරමින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව e-JC&SC  භාවිතයෙන් කි‍්‍රයාත්මක කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

e-JC&SC , ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් වන අතර එය කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ සිට කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව දුරස්ථව ක‍්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හඳුන්වා දුන් ඉලෙක්ට්‍රාෙණික ඉගෙනුම් පද්ධතියකින් සමන්විත වෙයි. චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් ආර්ඒයූපී රාජපක්‍ෂ සහ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් තොරතුරු අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂකය විසින්  මෙම පද්ධතිය නිර්මාණය කරන ලදී.

මෙහි ආරම්භක අවස්ථාවට ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ, ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධිපති, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ ප‍්‍රධාන උපදේශක, සෙසු උපදේශක මණ්ඩලය සහ සහාය කාර්ය මණ්ඩලය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේ සිට සම්බන්ධ වූ අතර ගුවන් හමුදාධිපතිතුමන් සහ පාඨමාලාව හදාරන්නන්e-JC&SC හරහා සම්බන්ධ වූහ. ගුවන් හමුදා විද්‍යාපීඨයේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන්, නිළධාරී අණදෙන පිරිස් හා සේවා සහ නිළධාරී අණදෙන සැපයුම් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදා විද්‍යාපීඨයේ ඓතිහාසික අවස්ථාවක් වූ මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු සියළු දෙනා පිළිගනිමින් ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් විසින්  පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. 

ගුවන් හමුදාධිපතිතුමන්  සියළු දෙනා අමතමින් මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම උදෙසා දායකත්වය දැක්වූ සැමට ස්තූතිය පුද කළ අතර ඉදිරි අභියෝගයන්ට මුහුණ දීම සඳහා ක‍්‍රියාත්මක වන ලෙස දන්වා සිටියේය. පවත්නා වසංගත තත්වය හේතුවෙන් e-JC&SC ආරම්භ කිරීමට ගුවන් හමුදාව කටයුතු කලද එය වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් බවද ප‍්‍රකාශ කරන ලදී. මක්නිසාද යත් එය ශ‍්‍රී ලංකා  ගුවන් හමුදාව 21 වන සියවස දක්වා රැගෙන යාමට හා විප්ලවීය පියවරක් ඉදිරියට තැබීමට අවස්ථාවක් ලබා දීම නිසා බව ප‍්‍රකාශ කළේය.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ සහ ස්කොඩ්‍්‍රන් නිළයේ නිළධාරීන් 27 ක් සහ නිළධාරිනියන් තිදෙනෙකු මෙමe-JC&SC පද්ධතිය හරහා පාඨමාලාව හැදෑරීම සඳහා සම්බන්ධ වී ඇති අතර පාඨමාලාව මාස තුනක් පුරාවට පැවැත්වෙනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.