වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහල තුල නීරෝධායනයට ලක්වු පිරිසක් සමජගත කිරිමට පියවර

කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක මාවතේ පිරිසක් සහ වැලිසර රෝහලේ පිරිසිදු කිරිම් සේවාවේ නිරත සේවක පිරිසක් නිරෝධායන කටයුතු සදහා 2020 අපේ‍්‍රල් මස 20 වන දින වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහල තුළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂකය මගින් අධීක්ෂණය කරනු ලබන වාට්ටු අංක 11 සහ 12 නිරෝධනය මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු සහ කාන්තාවන් 19 දෙනෙකු දින 14 ක් පුරාවට නිරෝධායනට ලක්වු අතර ගුවන් හමුදා වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු  2020 මැයි මස 05 වන දින සිය නිවෙස් කරා යොමු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.