ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය ගුවන් හමුදාව මගින් විෂබීජහරණය කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය විසින් පසුගිය මැයි මස මස 06 වන දින ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදී.

වෙසක් පෝය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය මගින් කෑම පාර්සල් 6000 ක් බෙදාදීමේ කටයුත්තක් සිදු කිරිමට නියමිත අතර ඒ සදහා ද ගුවන් හමුදාවේ දායකත්වය ලබා දිමට නියමිතය. එම කටයුත්තට පෙර ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් ගංගාරාම විිහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.