ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර

කොළඹ ගුණසිංහපුර ප‍්‍රදේශයේ පුද්ගලයින් 256 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා 2020 අප්‍රේල් 19 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි. ගුවන් හමුදා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 225 දෙනෙකු සහ කාන්තාවන් 31 දෙනෙකු අයත්වු අතර මෙම පිරිස දින 21 පුරාවට නිරෝධායනට ලක්විය.

මෙහිදි වයෝවෘද්ධ පුද්ගලයන් 50 ක ප‍්‍රමාණයක් වැඩිහිටි නිවාසයන් වෙතද රිදියගම වැඩිහිටි ආරෝග්‍යශාලාව වෙත පුද්ගලයින් 30 දෙනෙකුද නුපුහුණු ශ‍්‍රමිකයන් 51 ක ප‍්‍රමාණයක් කෘෂිකර්ම ගොවිපළවල් සදහාද පුද්ගලයන් 48 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත සහ තවත් පුද්ගලයින් 77 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් කර හරින ලදි.

මුලතිව් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු පසුගිය මැයි මස 10 වන දින පිටත් කර හරින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.