ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්ථානයේ දී නිරෝධානයට ලක් වු නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල් වල සාමාජිකයන් හා අසල්වැසියන් 180 දෙනෙකු (පිරිමි 92 ගැහැණු 88) දින 14 ක නිරෝධායන කටයුතු  අවසන් වීමෙන් අනතුරුව අද දින (2020 මැයි මස 15 වන දින) සිය නිවෙස් කරා පිටත්ව යන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත  නිරෝධායන කාල තුලදී නිරෝධායනට ලක්වු පුද්ගලයන් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලදී  සපයා දීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය. වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් වීරසූරිය ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනයට ලක් කෙරුණු අතර නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව අද දින ඔවුන් හට ප‍්‍රවාහන පහසුකම්ද සලසා දෙමින් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට ගුවන් හමුදාව කටයුතු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.