ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ නිරෝධායනයට ලක්වූ පිරිස සමාජගත කිරීමට පියවර

බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.

පිරිමි පුද්ගලයින් 50 දෙනෙකු සහ කාන්තාවන් 48 දෙනෙකු ගුවන් හමුදා පලාලි නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක්වු අතර මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලූ පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.

පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් වු පුද්ගලයින් පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අසේල ජයසේකර ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු අද දින (2020 මැයි මස 19 වන දින* ඔවුන් තම නිවෙස් වෙත පිටත් කර හරින ලදී. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.