එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සිව්වන බලඇණිය සදහා පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවය

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 04 වන බලඇණියේ  සේවා පුද්ගලයින් තම රාජකාරීන් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ඔවුන් හට  පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවයක් 2020 මැයි මස 20 වන දින බෝර් හි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණි පරිශ‍්‍රයේදී පවත්වන ලදී.  

සාමසාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් භටයින් 85 දෙනෙකු සහ නිලධාරීන් 19 දෙනෙකු හට කරන ලද සාර්ථක මෙහෙවර අගයමින් මෙහිදී පදක්කම්  ප‍්‍රදානය කරන ලද අතර ඉන් නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිළයන් 17 දෙනෙකු හට හමුදා ප‍්‍රධානී ඇගයීම් සහතික ප‍්‍රදානය කෙරිණි.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර කලාප හමුදා ප‍්‍රධානී බි‍්‍රගේඩියර් ජෙනරාල් මොහම්මද්ජාන්ගිර් අලාම් මහතා සහභාගී වූ අතර මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී ඒකකයේ ක්ෂේ්ත‍්‍ර කාර්යාල ප‍්‍රධානී දෙබෝරාහ් චෙයින් මහත්මිය, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී ඒකකයේ ක්ෂේත‍්‍ර පරිපාලන නිළධාරී ලිබන් හජ්ජි මහතා ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.