මුලතිව් කාල්ටන් ක්‍රිකට් කුසලානය ගුවන් හමුදාවට

තාරුණ්‍යයට හෙටක් සංවිධානය කල කාල්ටන් ක්‍රිකට් තරගාවලියේ මුලතිව් ප්‍රදේශයේ ජය අත් කර ගැනීමට ගුවන් හමුදා මුලතිව් කණ්ඩායම සමත් විය.අවසාන මහා තරගය ගුවන් හමුදාව හා යුධ හමුදා මූලස්ථාන කණ්ඩායම සමග 28 වන දින ඔඩ්ඩුසුදාන් පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත් වින.

වර්ෂාවෙන් බාදා ඇතිවුනු මෙම තරගාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 65 සීමාවිය. ඉතාමත් පහසු ඉලක්කයක් හභාගිය යුධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 56 සීමා කරමින් ජයග්‍රහනය නතුකර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

මෙහි ත්‍යාග ප්‍රධානෝත්සවය වෙල්ල මුල්ල වයික්කාල් පාසල් භූමියේදී පැවැත්වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් පැමිනි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාදක අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් ජයග්‍රාහී ගුවන් හමුදා කණ්ඩායමේ නායක කෝප්‍රල් චතුරංගට කුසලානය පිරිනමන ලදී.

තවද, මෙම අවස්ථාව සදහා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.