වීරවිල ගුවන් හමුදා කඳවුර සිය 42 වන සංවත්සරය සමරයි

වීරවිල ගුවන් හමුදා කඳවුර සිය 42 වන සංවත්සරය 2020 ජූනි මස 01 වන දින අර්ථාන්විතව සමරන ලදී. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ වර්ථමාන ජාතික අවශ්‍යතාවයට අනුව සිය සංවත්සරයට අර්ථයක් එක්කරමින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලේ ලේ බැංකුවේ සහය ඇතිව කඳවුරු වෛද්‍ය අංශයේදී 2020 ජූනි මස 02 වන දින පවත්වන ලදී.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මනෝජ් කැප්පෙටිපොල මහතාගේ මගපෙන්වීම යටතේ, වර්ථමාන තත්වය යටතේ ජාතික රුධීර පාරවිලයන සේවාවේ සැපයුම් තත්වය ස්ථාවරව පවත්වා ගැනීමට සහයෝගයක් වශයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.