බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාඨමාලාවේ ලංඡන පැළඳවීම

පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 39 නිළධාරී අංක 54 ගුවන්භට බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලවන්ගේ නිළ ලාංඡන පැළඳවීමේ පෙළපාලිය 2020 ජූනි මස 12 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.  කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් සීබී ලැබ්රෝයි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සාර්ථකව හදාරා නිමකරන ලද ගුවන් හමුදා නිලධාරීන් 04 ක් විදේශීය නිළධාරීන් 01 නාවික හමුදා නිළධාරීන් 02 ක්, ගුවන් භටයින් 26 ක් ගුවන් කාන්තාවන් 03 ක් හා නාවික භටයින් 06 සහතික පත් සහ නිළ ලාංඡන ලබාගන්නා ලදී.

ෆ්ලයින් ඔෆිසර්  පීසී අලගියවඩු සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ලබාගත් අතර නායක ගුවන් භට පැතුම් කේඑල් සෑම අතින්ම දක්‍ෂතම ගුවන් භටයාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.