ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර කදු මුදුනට බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කිරීමේ මෙහෙයුමක

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහා විහාර කදු මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග‍්‍රෑම් 3500 ආසන්න බරකින් සහ අඩි 8 උසින් යුතු ශෛලමය බුදු පිළිම වහන්සේ නමක් ගුවන් මගින් රැුගෙනයාම පසුගිය ජූනි මස 19 වන දින සිදුකරන ලදී.

මෙම ශෛලමය බුදු පිළිම වහන්සේ වීරකැටිය මන්දාදුව ක‍්‍රීඩාංගනයේ සිට ගුවන් සැතපුම් 03 කට ආසන්න දුර ප‍්‍රමාණයක් ගුවනින් රුගෙන ගොස් තැන්පත් කිරීම සිදුකල අතර මේ සඳහා ගුවන් හමුදාවේ අංක 06 පියාසර බලඝණයට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් භාවිතා කරනු ලැබීය. මෙය මෙතෙක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ එම් අයි 17 වර්ගයේ යානයකින් ගුවනින් රුගෙනගිය වැඩිම බර ප‍්‍රමණයද වේ.

මෙම කාර්ය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සිදුකල අතර මාතර හම්බන්තොට දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බෙලිගල්ලේ සරණපාල නා හිමියන් ගේ අනුශාසනය හා උපදෙස් මත සිදුකරන ලදී. තවද මෙම මෙහෙයුම සඳහා ප‍්‍රධාන ගුවන් නියමු ලෙස අංක 6 පියාසර පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පියුමාල් ප‍්‍රනාන්දු කටයුතු කල අතර උප නියමු වශයෙන් විංග් කමාන්ඩර් වෙනු සිල්වා ද ඇතුළු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 ක පිරිසක්ද එක්වන වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.