මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල උපායශීලී නාගරික සටන් පුහුණුව ආරම්භ කරයි

ක්ෂණික විහිදුම් බලකා සුදුසුකම් ලත් අවිකරුවන් සඳහා අංක 01 උපායශීලී නාගරික සටන් පුහුණු පාඨමාලාව 2020 ජුනි 22 වන දින මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් එච්එම්ටී නන්දක කුමාර හා සහ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේ අණදෙන නිලධාරී බලඝන නායක බීඩබ්ලිව්ටීඑස් බන්ඩාරගේ  උපදෙස් හා අධීක්ෂණය යටතේ ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ සිතියම් කියවීම කාර්තුමය සටන් නිරායුධ සටන් සමීප කාර්තුමය සටන් සරඹ සහ උසස් වෙඩි තැබීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගනිමින් නාගරික භූමියක සටන් කිරීම සඳහා අවිකරුවන් පුහුණු කිරීම අරමුණු කරගනිමින්ය.දින 24 මෙම පාඨමාලාව  හැදෑරීම සඳහා පුහුණුවන්නන් 32 දෙනෙකු තෝරාගෙන ඇත.

මෙහි සමාරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මොරවැව කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.