ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් තවත් ප‍්‍රජා සත්කාරයක්

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා සාමජිකයන්ගේ පවුල් වල සිටින ආබාධිත දුවා දරුවන් සදහා රෝද පුටු පරිත්‍යාග කිරිමේ උත්සවයක් ගුවන් හමුදා මූලස්ථානයේදී 2020 ජුනි මස 24 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් හි ස්ථාපිත සේවා මුක්ත රාජකීය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සංගමය විසින් රෝද පුටු 15ක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කිරීමද මෙම අවස්ථාවේ දි සිදුකෙරිණි.
 
මෙම සුවිශේෂි  අවස්ථාව සදහා සේවා මුක්ත රාජකීය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සංගමයේ නියොජිතයින් ලෙස විශ‍්‍රාමික ගෲප් කැප්ටන් කුමාර කිරින්දෙ සහ විශ‍්‍රාමික විංග් කමාන්ඩර් නලින් ජයතිලක යන මහත්වරුන් මෙන්ම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ද  සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.