විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකය සඳහාවූ ප‍්‍රථම අවිරහිත සටන් පුහුණු පාඨමාලාව නිමවෙයි

පසුගිය ජූනි මස 15 දින අම්පාර රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී අවසන් වුණු ප‍්‍රථම අවිරහිත සටන් පුහුණු පාඨමාලාව විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් භානුක බන්ඩාර ගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත සිදුකරණ ලදී.

මෙම පුහුණු පාඨමාලාවේ  මූලික අවධානය යොමු වූයේ නිරායුධ සටන් ක්‍රම පිළිබඳ හැදෑරීමත් ආරක්ෂක රාජකාරි ඉටු කරන අතරතුර ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වීම් සිදුකිරීමත්ය. පුහුණු කාලය තුළ සියලුම පුහුණුවන්නන් උසස් සටන් ක‍්‍රම හැදෑරූ අතර මඩ, ජලය, ධාවනය වන වාහන යන්හි පුහුණු වීම් සිදුකල අතර ආයුධ නිරායුධකරණය පිළිබඳ උසස් මට්ටමේ පුහුණු වීම් ද සිදුකරන ලදී.

මෙම පාඨමාලාව සඳහා නිළධාරීන් 01 ක් ඇතුළු ගුවන් භටයින් 19 දෙනෙකු දින 14 ක් පුරා  හදාරන ලද අතර අවසානයේ තරගාවලියක් සංවිධානය කළ අතර තරඟයේ ශූරයා වූයේ නායක ගුවන්භට ප්‍රේමසිරිය . ජූලි මස 01 දින පැවති ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදී ශූරතාවය හා අනු ශූරතාවයට හිමි කුසලාන අම්පාර ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිරෝෂ් සේනාධීර මහතා විසින් ප්‍රදානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.