2019 අ.පො.ස උසස් පෙළ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්‍ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමට ලක්කෙරේ

ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන දක්‍ෂතාවයන් හඳුනාගැනීමේ සංකල්පය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකය විසින් සංවිධානය කරන ලද 2019 අ.පො.ස උසස් පෙළ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්‍ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමට ලක්කිරීමේ උත්සවයක් පසගියදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගරයේදී පසුගිය ජූලි මස 03 වන දින පැවැත්විණි.

මෙහිදී අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ත 03 ක් ලබාගත් සිසුන් 02 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ත 09 ක් ලබාගත් සිසුන් 17 ක්  5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ දරුවන් 06 ක් සඳහා මෙම අවස්ථාවේ මූල්‍යමය ත්‍යාග ලබාදුන් අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 318ක් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 17ක්  සහ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 04ක් සඳහා මූල්‍යමය ත්‍යාග සහ ඇගයීමේ සහතික පත් ප‍්‍රදානය කිරීමට පියවර ගන්නා ලදී.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් දරු දැරියන් හට සිය සුභාශිංෂන ද පිරිනමන ලදී.

සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් නිළධාරීන් සහ දෙමව්පියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.