ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක සේවාවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර මගින් 2020 ජූලි මස 04 දින බෙනඩික් සිල්වා මහතා හට නව නිවසක් ප‍්‍රධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන ලද්දේ විධායක සුභ සාධක අරමුදලින් වන අතර රජරට නවෝදය වැඩසටහන යටතේ නිවස සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා  හිගුරක්ගොඩ කඳවුරේ සම්බන්ධීකරණය යටතේ කටුනායක සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ සාමාජිකයින්  විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

නිදන කාමර 3 කින් යුත් නිවස සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වේ.

නිවාස ප‍්‍රධානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරැ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් ධම්මික ඩයස්ගේ මූලිකත්වෙය යටතේ පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරැ නිලධාරීන් සහ සිසු නිළයින් පිරිසක්ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.