විශ්‍රාම යන නාවික හමුදාධිපති තුමන් ගුවන් හමුදාධිපති තුමන් හමුවේ

හිටපු නාවික හමුදාධිපතිි වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ  මහතා අද දිනයේ 2020 ජූලි මස 14 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් හමුදා සම්ප‍්‍රදායට අනුව විශ්‍රාම යාමට ප‍්‍රථම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි නාවික හමුදාධිපති තුමන් ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් සී වී ලැබ්රෝයි විසින් පළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් නාවික හමුදාධිපති තුමන් හට ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් හිටපු නාවික හමුදාධිපතිතුමන් උණූසුම්ලෙස පිලිගත්ගෙන සුහද කතාබහක නිරත විය. එහිදි  නාවික හමුදාධිපතිතුමන් ගේ සේවා කාළය තුල ගුවන් හමුදාව වෙත දක්වන් ලද සහයෝගය වෙනුවෙන් ගුවන් හමුදාධිපති තුමන් විසින් එතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදි.

මෙම හමුව සංකේතවත් කිරිම සදහා සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙහිදි හිටපු නාවික හමුදාධීපතිතුමන් ගේ ඉදිරි වැඩ කටයුතු සදහා සුභ පැතුම් එක්කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.