නව නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් 2020 ජූලි මස 20 වන  දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.

කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි විසින් නව නාවික හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් එතුමන් වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ නව නාවික හමුදාධිපති තුමන් අතර සුහද සංවාදයක් සිදු කෙරුණු අතර එහිදී නාවික හමුදාවේ 24 වෙනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වූ නව නාවික හමුදාධිපතිතුමන්ට සිය සුභපැතුම් එක්කරන ලදී. එසේම මෙහිදී නව නාවික හමුදාධිපති තුමන් වෙත ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය හඳුන්වාදීම සිදුකෙරුණු අතර හමුව සිහිපත් විම පිණිස ගුවන් හමුදාධිපතිතුමන් සහ නව නාවික හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුමවාරුවක්ද සිදු කර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.