ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2009 ආදි ශිෂ්‍යයින් විසින් සේවා වනිතා ඒකකයට රෝද පුටු පරිත්‍යාග කරයි

ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය වෙත ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2009 උසස්පෙළ ආදි ශිෂ්‍යයින් විසින් පරිත්‍යාග කරන ලද කොමොඩ් වර්ගයේ රෝද පුටු තුනක් ඇතුළු රෝද පුටු 17 ක් ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ආබාධිත සාමාජිකයින් හට ලබාදීම 2020 ජූලි මස 31 දින ගුවන් හමුදා ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්  හා අනුග‍්‍රහය යටතේ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් හට රෝද පුටු දොළහක් මෙහිදී ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයේ 2009 උසස් පෙළ ආදි ශිෂ්‍ය අංජුල සෙනෙවිරත්න මහතා ඇතුලු හත් දෙනෙකු , ගුවන් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල  සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.