අම්පාර ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය මගින් ලේ දන්දීමේ වැඩසටහනක්

අම්පාර ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය මගින් ලේ දන්දීමේ වැඩසටහනක් 2020 අගෝස්තු මස 07 වන දින කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී සිදුකරණ ලදී. මෙම වැඩසටහන කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශානිකා ප‍්‍රනාන්දු මහත්මියගේ මගපෙන්වීම මත අම්පාර රෝහලේ ලේ බැංකුව හා එක්ව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක ලදී.

රටේ පවතින සෞඛ්‍ය තත්වය තුළ රුධිර නිෂ්පාදන ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට රුධිරය පරිත්‍යාග කිරීම මෙම වැඩසටහන දියත් කිරීමේ අරමුණ වෙයි. අම්පාර කඳවුරු අණදෙන නිළධාරී තුමන්, නිළධාරීන් සහ කඳවුරු සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.