ශ්‍රී ලංකා ගුවන් හමුදාව අන්තරායදායක ෙඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ”අන්තරායදායක ෙඖෂධ” භාවිතය සහ ව්‍යාප්තිය තුරන් කිරීමේ රජයේ පැහැදිලි අභිප්‍රායට අනුව යමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියළුම සාමාජිකයින් සඳහා සවිස්තරාත්මක දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ”අන්තරායදායක ෙඖෂධ” සඳහා පැහැදිලි ”ශුන්‍ය ඉවසීමේ” ප්‍රතිපත්තියක් සමඟ අන්තරායන් හා ප්‍රතිවිපාක පිළිබඳව සියලු සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදී.

මෙම විශේෂ තෙදින වැඩසටහන ගුවන් ගුව්න් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලදී. 2020 අගෝස්තු 17 උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ සිට සජීවීව ගුවන් හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවම ඇමතීය. මෙහිදී   ”අන්තරායදායක ෙඖෂධ” භාවිතය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පමණක් නොව නිවසේ සිටින අපගේ ආදරණීයයන්ටද එය අහිතකර ලෙස බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන්  අවධාරණය කළේය.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ  දේශනයෙන් අනතුරුව සමස්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම සේවය කරන සියලුම සේවා පුද්ගලයින් සහ සිවිල් කර්යමණ්ඩලය ආවරණය වන පරිදි දිවයින පුරා ගුවන් හමුදා කඳවුරු සියල්ලේම දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. මෙම තෙදින වැඩසටහන් මාලාවට විශේෂ සාකච්ඡා, දේශන, තොරතුරු නාට්‍ය, කෙටි වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පිටත සිටින විශේෂඥ දේශකයින්ගේ ආරාධිත දේශන ඇතුළත් විය.






අන්තරායදායක ෙඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.