සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජේඑච්පී නානායක්කාර විසින් කඳවුරු අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඪීඑස් කළුබෝවිල හට භාරදීමේ පෙළපාලිය  2020 අගෝස්තු මස 17 වන දින පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී. නව අණදෙන නීළධාරීවරයා එම ධුරයෙහි රාජකාරීන් භාරගැනීමට ප‍්‍රථම අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.

මෙම භාරදීමේ අවස්ථාව අණදෙන නිළධාරී කාර්යාලයේදී පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.