නව දක්‍ෂිණ ගුවන් විධානය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථානය විවෘත කෙරේ

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ පැරණිතම සහ විශාලතම ගුවන් හමුදා කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුර නැවත වතාවක් ඉතිහාසයේ තවත් සුවිශේෂී වූ සන්ධිස්ථානයකට ලඟා විය.ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්‍ෂිණ ගුවන් විධානයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථානය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතින් 2020 අගෝස්තු මස 20 වන දින සිදුකෙරිණි.

මෙම අවස්ථාව ගුවන් හමුදාවේ ගුවන් විධාන සංකල්පයේ ආරම්භය සනිටුහන් කරනු ලබන අතර මෙම නව ගොඩනැගිල්ල දක්ෂිණ ගුවන් විධානයේ මෙන්ම කටුනායක ගුවන් හමුදා කඳවුරේ පරිපාලනමය කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයනු ලබයි.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අධීක්‍ෂණය යටතේ ඉතා කෙටි කාලයකින් මෙම ගොඩනැගිල්ලේ වැඩකටයුතු නිම කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙම ගොඩ නැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්,ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්,සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.