ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ගුවන් හමුදාවට ගිනි නිවන රථ තුනක් හා ගිලන්රථ තුනක් ප‍්‍රදානය කෙරේ

ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ තුනක් හා ගිලන්රථ තුනක් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. මෙහිදී අහස් ඉනිමග සහිත ගිනි නිවීමේ රථ දෙකක්, සාමාන්‍ය ගිනිනිවීමේ රථයක් සහ ගිලන් රථ තුනක් ගුවන් හමුදාවෙ වෙත හිමිවිය.

ආචාරය ජාල් තිලකරත්න මහතා සහ ජපාන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ කැපකිරීම් මත ලොව පුරා උද්ගත වී ඇති කොඩිඩ්-19 වසංගත තත්වය හමුවේ පනවා ඇති විවිධ සීමාවන් මධ්‍යයේ වුවද මෙම රථ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීමට අවස්ථාව උදා විය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මන්ඩලය,  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.