ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඩෙංගු මර්ධන වැඩසටහනට සහය දක්වමින් ඩ්‍රෝන් මෙහෙයුම් දියත් කරයි

දිවයින පුරා ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර බස්නාහිර පලාත තුළ බහුතරයක් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. ඒ අනුව, බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොළඹ දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය බළධාරීන් සමග එක්ව වැල්ලවත්ත,බියගම වෙළඳ කලාපය, වතුපිටිවල, ඔබේසේකරපුර, රාජගිරිය, පෑලියගොඩ, කැළණිය, කොලොන්නාව සහ පිළියන්දල ප‍්‍රදේශ ආවරණය වන පරිදි 2020 ජූනි මස 25 වන දින සිය 2020 අගෝස්තු මස 22 වන දින දක්වා ඩ්‍රෝන් යානා උපයෝගී කරගනිමින් මෙහෙයුම් දියත් කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.