ගුවන් හමුදාව අම්පාර කඳවුරේදී ප‍්‍රභූ ආරක්‍ෂණ පුහුණුවක් අරඹයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් බලඝණයේ අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් භානුක බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් බලඝණය විසින් පෞද්ගලික ආරක්‍ෂක නිළධාරීන්ට, සමීප ආරක්‍සක රාජකාරී නියුතු වූවන්ට සහ විශේෂ ගුවන් මෙහෙයුම් බලඝණ සාමාජිකයන් සඳහා ප‍්‍රභූ ආරක්‍ෂණ පුහුණුවක් 2020 අගෝස්තු මස 25 වන දින අම්පාර රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි. මීට පෙර ගුවන් හමුදාව ප‍්‍රභූ ආරක්‍ෂණ පුහුණු පාඨමාලාවන් පොලිස් විශේෂ කාරය බලකාය වෙතින් ලබාගත් අතර මෙම පාඨමාලාව ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන පළමු පාඨමාලාව වෙයි.

පළමු අදියර යටතේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත පුහුණුවන්නන් 23 න් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීය. ප්‍රභූ ආරක්ෂණ ක්‍රමවේදයන් සඳහා සුදුසුකම් ලබා ගැනීම සහ ප්‍රභූ /අති විශේෂ ප‍්‍රභූ ආරක්ෂක රාජකාරි ඉටු කිරීමේදී ඔවුන්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා මෙම පුහුණුවේ මූලික අවධානය යොමු වී ඇත. මෙම පුහුණු පාඨමාලාව අතරතුර සියලුම පුහුණුවන්නන් ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම, පුද්ගලික ආරක්ෂක නිලධාරී රාජකාරි, ප‍්‍රභූ ආරක්‍ෂක රාජකාරීන් සඳහා එල්ලවන නවීන තර්ජන, ටීඑස්ටී සහ යතුරුපැදි ආරක්‍ෂක රාජකාරි සහ ප‍්‍රභූ ආරක්‍ෂක වාහන පෙළ සැකැස්ම වැනි සංකල්ප ඉගෙන ගනු ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.