ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය සිය 4 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය සිය 4 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එච්එස්එස් තුයියකොන්තා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමරනු ලැබීය. සංවත්සරයට සමගාමීව මීගමුව, දුංගල්පිටිය මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය අළුත්වැඩියා කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් බලඝනයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒකේඩබ් ලක්‍ෂ්මන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක කරනු ලැබිණි.

සංවත්සර දින වැඩසටහන් මාලාව අරඹමින් 2020 අගෝස්තු මස 27 වන දින සංවත්සර දින වැඩ පෙළපාලිය පවත්වන ලද අතර අනතුරුව වොලිබෝල් තරඟාවළියක්ද පවත්වන ලදී. එහි ශූරතාවය ”රොසෙන්බවර් කණ්ඩායම” විසින් හිමිකර ගන්නා ලදී. සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින වැඩසටහන අවසන් කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.