ගුවන් හමුදාව පළමු වරට ගුවන් හමුදා පොලිස් ගුවන් කාන්තා උත්සව යතුරුපැදි යොදා ගනී

ගුවන් හමුදා පොලිස් යතුරු පැදි ඉතිහාසය අළුත් කරමින් 2020 අගෝස්තු මස 27 වන දින පළමු වතාවට ගුවන් හමුදා පොලිස් ගුවන් කාන්තා යතුරුපැදි කණ්ඩායම ආරක්‍ෂක යතුරුපැදි පෙළ ලෙස ක‍්‍රියාකරමින් ගුවන් හමුදාධිපතිතුමන් වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලියට කැඳවාගෙන යන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි වැඩබලන ගුවන් හමුදා විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක ගෲප් කැපිටන් පද්මන් කොස්තා මහතාගේ මගපෙන්වීම යටතේ පළමු ගුවන් හමුදා පොලිස් ගුවන් කාන්තා යතුරුපැදි සාමාජිකාවන් 11 දෙනා ගුවන් හමුදා උත්සව යතුරු පැදි කණ්ඩායමේ සාඩම්බර සාමාජිකාවන් ලෙස සිය පුහුණුව සාර්ථකව නම කරන ලදහ.

මෙම ගුවන් කාන්තාවන් විවිධ ගුවන් හමුදා කඳවුරු වන රාජකාරීන්හි නිරත වූ අතර ගුවන් හමුදා පොලිස් යතුරුපැදි බලඝණය පිහිටන කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ වසර 1 ක පමණ කාලයකින් සමන්විත වූ මෙම පාඨමාලාව හැදෑරීමට කැපකිරීම් රාශියක් කිරීමට සිදුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.