අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය සිය 69 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නියමුවන්ගේ තිඹිරි ගෙය වශයෙන් හඳුන්වනු ලබන චීනවරාය විද්‍යාපීටයේ අංක 1  පියාසර පුහුණු පක්‍ෂාංගය සිය 69 වන සංවත්සරය 2020 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් චීනවරාය බෝධි රාජාරාම විහාරයේ බෝධි පූජා පිංකමක් සහ ධර්මදේශනාවක් පවත්වන ලදී. ආගමික වතාවත් අළුත්ඔය සද්ධාශීල හිමිපානන් වහන්සේ විසින් මෙහෙයවන ලදහ. පක්‍සාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් වජිර ජයකොඩිි, නිළධාරීන් සහ  සෙසු නිළයන් රැසක්ද මෙම අවෂ්ථාවට එක්වූහ.

සංවත්සර සැමරුමට අර්ථයක් එක්කරමින් රෝවත ළමා නිවාසයට  අත්‍යාවශ්‍ය ද‍්‍රව්‍ය ලබාදීම පක්‍ෂාංගයේ සියළුම නිළයන්ගේ දායකත්වයෙන් සිදු කරන ලදී. අනතුරුව දරුවන් වෙත රාත‍්‍රී ආහාරය ලබාදීම සිදුකරන ලද අතර එසේම විවිධ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ද එක් කරන ලදී.

රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනයේදීම අංක 1 පියාසර පුහුණු බලඝණය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලදී. චිප්මන්ක් වර්ගයේ ගුවන් යානාවක් මගින් පළමු පුහුණු පියාසර කටයුතු ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නියමුවන්ගේ තිඹිරි ගෙය වශයෙන් හඳුන්වනු ලබන මෙම පක්‍ෂාංගය ගුවන් හමුදාවේ විශාලතම ගුවන් යානා සමූහය ඇති පක්‍ෂංගය වශයෙන්ද හැඳින්විය හැක. චීනයේ නිශ්පාදිත පීටී -6 ගුවන් යානා සහ ඇමරිකානු සෙස්නා 150 ගුවන් යානා මූලික පියාසර පුහුණුවට භාවිතා කරන ලබන අතර චීනයේ නිශ්පාදිත කේ -8 උසස් ජෙට් යානා පියාසර පුහුණුවට සහ ප්‍රහාරක පරිවර්තන පුහුණුව සඳහා භාවිතා කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.