ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් කෝප‍්‍රල් මාබරණ එම්ඒජේකේ (පොලිස්)  හට ප‍්‍රදානය කිරීම  2020 සැප්තැම්බර් මස 03 වන දින ගුවන් ලේකම් එයාර් කොමඩෝර් රන්ජිත් සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රන්න ප‍්‍රදේශයේදි සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර වීරවිල ගුවන් හමුදා කඳවුරු වැඩසේවා අංශය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර සිරිමාන්න නිළධාරිතුමන් ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.