අම්පාර ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

අම්පාර ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020 සැප්තැම්බර් මස 03 වන දින සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඑස්එන් ප‍්‍රනාන්දු විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී.  

බලපන්ති සැරයන් කුමාර ඩීඑම්ඒ, සැරයන් කුමාර ඩබ්එම්ආර්, කෝප‍්‍රල් උද්දික එච්බීඅයි, කෝප‍්‍රල් සඳුන්කුමාර ටීඑම්එස්, නායක ගුවන් භට ද සිල්වා එස්ඩීසී, නායක ගුවන් භට මායාදුන්නගේ ඩීකේ, නායක ගුවන් භට ප‍්‍රනාන්දු ජීඩීපී, සිවිල් සේවක කේජී රණවීර මහතා, සිවිල් සේවක කේජී පෙරේරා සහ සිවිල් සේවක ඩබ්ජී චන්ද‍්‍රසිරි මහතා  හට ඔවුන් දක්වන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානයෙන් කඳවුරු පරීක්‍ෂණය ආරම්භ කරන ලද අතර අනතුරුව කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධීය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.