එම්ටී නිව් ඩයමන්ඩ් තෙල් නැවේ සිදුවූ හදිසි ගිනිගැනීමේ තත්වයට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ක්ෂනික ප්‍රතිචාර

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් සංගමන්කන්ද පොයින්ට් සිට නාවික සැතපුම් 38 ක් දුරින් පිහිටි එම්ටී නිව් ඩයමන්ඩ් නම් තෙල් නැව සිට ඊයේ 2020 සැප්තැම්බර් 3 ලැබුණු ආපදා ඇමතුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයෙහි ස්ථාපිත කොට ඇති අංක 3 සමුද්‍රීය බලඝණය විසින් ක්ෂනික ප්‍රතිචාර  දැක්වීය. එ් සඳහා බීච් කිං බී 200 ගුවන් යානයක් යොදාගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවට එහි තත්ත්වය පිළිබඳව හා අනෙකුත් පාර්ශවකරුවන්ට සජීවී තොරතුරු යාවත්කාලීන කිරීම් සිදුකරන ලදී.

නැගෙනහිර මුහුදේ පීඩාවට පත් මෙම නෞකාවේ ග්‍රීක ජාතිකයින් 5 දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 18 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු සේවය කර ඇති අතර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන විට කුවේට්හි මීනා අල් අහමඩි වරායේ සිට ඉන්දියානු පැරඩිප් වරායට බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් සිටියේය. තවද නෞකාවේ භාවිතා කිරීම සඳහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක් මෙහි ගබඩා කර ඇති බව වාර්තා වේ.


බීච්ක්‍රොෆ්ට් ගුවන් යානයට අමතරව බම්බි බකට් මෙහෙයුම් සිදු කිරීම සඳහා ඊයේ එම් අයි 17 හෙලිකොප්ටරයක් යොදවා තිබුණු අතර බම්බි බකට් මෙහෙයුම ඊයේ සවස් වන තුරුම අඛණ්ඩව සිදුකරන ලදී. ගින්න මැඩපැවැත්වීමේ උත්සාහයන්ට සහය දැක්වීම සඳහා අඛණ්ඩව බම්බි බකට් මෙහෙයුම් සිදු කිරීමට නියමිත අතර එම මෙහෙයුම් හා නවතම තත්වය බීච් කිං බී 200 ගුවන් යානය මගින් නිරීක්ෂනය කරනු ලබයි.

03rd September 2020

 

04th September 2020

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.