චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2020 සැප්තැම්බර් මස 4 වන දින සිදු කරන ලදී. කඳවුරු පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථමල චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාෂල් ආර්ඒයූපී රාජපක්ෂ විසින් අණදුන් ගුවන් හමුදාධිපති පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙවර පරීක්‍ෂණයේදී
ප‍්‍රධාන බලලත් නිළධාරී ගුණවර්ධන ඒඑච්කේපී
බලලත් නිළධාරී ප්‍රියචන්ද්‍ර එම්එන්
බලලත් නිළධාරී කරුණාතිලක ඩීඑස්ජේ
බලපන්ති සැරයන් මදුරංග කේපීආර්එස්
කෝප‍්‍රල් සඳරුවන් කේඩීඅයිපී
කෝප‍්‍රල් සඳරුවන් කේඑච්ජී
නායක ගුවන් භට ප්‍රසාද් ඩබ්ලිව්පීඩීඑන්
නායක ගුවන් භට ප්‍රියන්ත ඩීඑම්පී
ඒඑම් කාසීම් මහතා
කේඒඑස්ඩී රසාංග මහතා
ඩීඑම්එස්එන් රණසිංහ මහතා
යන අයවළුන්ට ඔවුන් විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගය අංක 03 සමුද‍්‍රීය බළඝණය කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පුහුණු පාසල සහ අංක 24 රෙජිමේන්තු පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කළේය.  

තවද අළුතින් ඉදිකරනු ලැබූ අංක 24 රෙජිමෙන්තු පක්ෂාංග ගොඩනැගිල්ල හා නැගෙනහිර ගුවන් අණදෙන නිළධාරී නිවස්න ගොඩනැගිල්ලද ගුවන් හමුදාධිපති තුමන් විසින් විවඃත කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී. එසේම ගුවන් හමුදා විද්‍යාපීඨය මගින්  සන්නද්ධ හමුදාවක වෘත්තීමය තත්වය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පවත්වාගෙන යාම සහ ඉහල ගුණාත්මක භාවයකින් යුතු ගුවන් යානා නියමුවන් ඇතුළු වෘත්තීමය ගුවන් යානා ශිල්පීන් බිහිකරමින් ගුවන් හමුදාවේ අනාගතය ඔපවත් කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වන ලබන බවද ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.