මොරවැව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2020 සැප්තැම්බර් මස 4 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී  ගඃඃප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස  විසින් අණදුන් මොරවැව ගුවන් හමුදා කඳවුරේ පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. එහිදී

බලපංති සැරයන් බන්ඩාර ඩබ්ලිව්එම්ඒටී
සැරයන් විපුලසිරි පීකේ
සැරයන් වික්‍රමසිංහ එම්පීආර්
කෝ්ප‍්‍රල් තෙන්නෙකා්න් ටීඑම්ඒඑස්
නායක ගුවන්භට ජයසිංහ ජේඑච්ඒඩී

යන අයවලුන් විසින් කඳවුර වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

මෙහිදී කඳවුරෙහි සියළුම ස්ථාන ගුවන් හමුදාධිපති තුමන්ගේ නිරීක්ෂනයට ලක්වූ අතර පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.