වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධීක්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාටිටු නිරෝධායන කටයුතු සදහා යොදා ගැනීමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදී.

ගුවන් හමුදාව විසින් පැය 24 පුරාම කි‍්‍රයාත්මක ගුවන් හමුදා වෛද්‍ය හා හෙද කාර්යාලමණ්ඩලයක් මෙහි සේවයට එක් කොට ඇති අතර මෙම වාටිටු තුල පුද්ගලයින් 49 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් මස 11 වන දින සිය නිවෙස් කරා පිටත්ව යන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල මගින් වන අතර එහි අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් මුදිත මහවත්තගේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කරනු ලබයි. මේ  සඳහා වෛද්‍ය කාර්යමණ්ඩළ යොමුකරනු ලබන්නේ කොළඹ ගුවන් හමුදා  රෝහලෙනි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.