ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන් යානා යොදාගනිමිින් මන්තීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා පොලීසිය වෙත සහාය ලබාදේ

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය සහ බස් ප්‍රමුඛතා මංතීරු හදුන්වා දීම සඳහා ක්‍රියාත්මක වන රථවාහන මංතීරු නීතිය 2020 සැප්තැම්බර් 14 සිට ශ්‍රී ලංකා පොලිසිය විසින් නැවත හඳුන්වා දෙන ලදී.

කොරොන වයිරස් වසංගතය අතරතුර බස්නාහිර පළාතේ තාවකාලිකව අත්හිටුවන ලද මංතීරු නීතිය 2020 සැප්තැම්බර් 16 දක්වා දින තුනක් මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නැවත බලාත්මක කරන ලදී. කොළඹ අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසකට අනුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබා දුන් උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදා ඩ්‍රෝන් මෙහෙයුම්කරුවන් ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ නිරීක්ෂණ මෙහෙයුම් සිදු කළහ. කොළඹ නගරයට පිවිසීමේ මාර්ග ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා හතරක් යොදා ගත් අතර ප්‍රධාන වශයෙන් රාජගිරිය ප්‍රදේශය, නුගෙගොඩ ප්‍රදේශය, බොරැල්ල ප්‍රදේශය සහ ගාලු පාර යන ස්ථාන වලින් මෙම මෙහෙයුම් සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.