කටුනායක ගුවන් හමුදා අංක 1 යාන්ත්‍රික ප්‍රවාහනය අළුත්වැඩියා කිරීමේ අංශය අඩු වියදම් වාහනයක් නිර්මානය කරයි

කටුනායක ගුවන් හමුදා අංක 1 යාන්ත්‍රික ප්‍රවාහනය අළුත්වැඩියා කිරීමේ අංශය කටුනායක කඳවුර තුල ධාවනය සඳහා අඩු වියදම් වාහනයක් නිර්මානය කරයි.

මෙම නවෝත්පාදන සැලසුම 2020 සැප්තැම්බර් 18 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින්  නිරීක්ෂනය කරන ලදී.

අංක 1 යාන්ත්‍රික ප්‍රවාහනය අළුත්වැඩියා කිරීමේ අංශය එහි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කොලිත අබේසිංහ මහතා විසින් රාජකාරි ගුවන් භටයින් සඳහා තේ සහ ආහාර බෙදා හැරීම අරමුණු කරමින් මෙම නිපැයුම සිදුකර ඇත. මීට පෙර එම රාජකාරිය සිදුකරනු ලැබුවේ කඳවුරෙහි භාවිතා කරන වාහන යොදා වන අතර ඒ සඳහා ගුවන් හමුදාවට විශාල පිරිවැයක් දැරීමට සිදුවන ලදී.

මෙම කරුන හේතුවෙන් අංක 1 යාන්ත්‍රික ප්‍රවාහනය අළුත්වැඩියා කිරීමේ අංශයේ තාක්ෂණික කණ්ඩායම දේශීය අමුද්‍රව්‍ය හා අමතර කොටස් වලින් නිෂ්පාදනය කළ හැකි කාර්යක්ෂම වාහනයක් සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.