චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක්

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් ත්‍රිකුණාමලයේ උප්පුවෙලි වෙරළ ප්‍රදේශය පිරිසිදුකිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 23 වන දින සිදුකරණ ලදී. මෙම වැඩසටහන චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ අණදෙන නිලධාරී එයාර් වයිස් මාෂල් උදනි රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සිදුවූ අතර ඒ සඳහා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ගරු අනුරාධ යහම්පත් මැතිතුමා ද සහභාගී වන ලදී.

 2020 අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනට සමගාමීව ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට දායක වීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී.

පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා යුධ හමුදාව නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රජයේ සංවිධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.