හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් අළුතින්ඉදිකරනලද නව නිවස අවශ්‍යතා සහිත පවුලක්හට පරිත්‍යාග කරයි

ශ‍්‍රී ලංකා පොන්තිෆිකල් මිෂන් සමාජයේ අධ්‍යක්‍ෂක ගරු බැසිල් රොහාන් ප‍්‍රනාන්දු පියතුමාගේ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් තවත් ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් 2020 සැප්තැම්බර් මස 24 වන දින සම්පූර්ණ කරන ලදී.

ආකර්ශනීය චාම් උත්සවයක් මගින් අලුතින් ඉදිකරන ලද නිවසේ අයිතිය දියබෙදුමහිදී රංජිත් සොයිසා මහතා සහ ඔහුගේ පවුලේ අයට එදිනම භාර දෙන ලදී. ශුද්ධ වූ ළමා සංගමයේ 175 වන ජාත්‍යන්තර ජුබිලි සැමරුම නිමිත්තෙන් අනුරාධපුරයේ රදගුරු ආචාර්ය නොර්බට් එම්. අන්ද‍්‍රාදි පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාධිපතිතුමන්ගේ පූර්ණ අනුදැනුම මත ගවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීීක්‍ෂණය යටතේ නිමකරනලදී. හිඟුරක්ගොඩ ගුවන් හමුදාකඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන්එච්ඩීඑන් ඩයස් මහතාගේ අධීක්‍ෂණය යටතේ කඳවුරු වැඩසේවා අංශය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. හිඟුරක්ගොඩ කතෝලික දේවස්ථානයේ ගරු ජූඩ් සපරමාදු පියතුමා විසින් මෙම ව්‍යාපෘතියේ මූල්‍යමය දායකත්වය සපයනලදී.

හිඟරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්, ශ‍්‍රී ලංකා පොන්තිෆිකල් මිෂන් සමාජයේ ජාතික අධ්‍යක්‍ෂක ගරු බැසිල් රොහාන් ප‍්‍රනාන්දු පියතුම, ශ‍්‍රී ලංකා පොන්තිෆිකල් මිෂන් සමාජයේ දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂක ගරු කේ ලක්‍ෂ්මන් පියතුමා, ශුද්ධ වූ ළමා සංගමයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.