කටුනායක ගුවන් හමුදා කඳවුර මුල්ලේරියාව රොහලේ වාට්ටු අංක 3 හි සංචාරයක

ගුවන් හමුදා සේවා වනිතාඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ අනුදැනුම මත කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය 2020 සැප්තැම්බර් මස 28 වැනි දින මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 3 හි සංචාරයක නිරත වූහ.

මෙම සංචාරයයේදී ප‍්‍රථිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ ඇඳුම් පැලඳුම් ඇතුලු භාණ්ඩ රැසක් ප‍්‍රදානය කරන ලද අතර ඔවුන් සඳහා දිවා ආහාර වේලක් ලබාදීමටද කටයුතුකරන ලදී.

කටුනායකගුවන් හමුදා කඳවුරු අණදෙන නීළධාරී එයාර් වයිස් මාරෂල් එච්එස්එස් තුයියකොන්තා, කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රසිකා තුයියකොන්තා මහත්මිය, සේවා වනිතා ඒකකය භාර නිළධාරී විංග් කමාන්ඩර් කේඩීඑස් ගුණවර්ධන, සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.