ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව උඩවලව වන රක්ෂිතයේ නැවත වන වගා වැඩසටහන ආරම්භ කරයි

ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ  නායකත්වය හා මූලිකත්වයෙන් ගුවන් හමුදා විධායක කෘෂී ඒකකය සහ  වීරවිල ගුවන් හමුදා කඳවුර සමඟ එක්ව 2020 සැප්තැම්බර් 29 වන දින උඩවලව රක්ෂිතයේ තෝරාගත් ඉඩම්වල නැවත වන වගා වැඩසටහන ආරම්භ කරන ලදී. ඒ අනුව, ගුවන් හමුදා විධායක කෘෂී ඒකකය මගින් වර රක්‍ෂිතයේ අක්කර එකක පමණ ප‍්‍රමාණයක මී, පලු, කොහොඹ යන ශාක පැල සිටුවන ලදී.

මෙම නැවත වන වගා වැඩසටහනේ විශේෂත්වය වූයේ මෙම ඉඩම් මීට පෙර නීති විරෝධී ගංජා වගාවන් සඳහා භාවිතා කොට තිබීමයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ භට පිරිස් විසින් 2020 අගෝස්තු 20 වන දින උඩවලවේ වනාන්තරය තුළ හඳුනාගත් ගංජා වගා ස්ථාන 8 ක් සාර්ථකව විනාශ කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.