ජාතික මේස පන්දු ශූරයෝ

ලංකා ගුවන් හමුදාව ජාතික මේසපන්දු තරගාවලිය 2011 සමස්ථ ශූරතාවය
දිනාගැනීමට පසුගියදා සමත් විය.

මෙම තරගාවලිය ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම ජනවාරි මස 08,09
දෙදින තුල පැවැත්විණ.
තරගාවලිය සදහා අතිවිශිෂ්ඨ දස්කම් දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
පිරිමි විවෘත,කාන්තා විවෘත ,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල හී ශූරතාවයන් දිනා ගත්
අතර පිරිමි යුගල හා කාන්තා යුගල අනුශූරතාවයන්ද දිනාගැනීමට සමත් විය.

දකුණු ආසියාතික රිදී  පදක්කම් ලාභී රොහාන් සිරිසේන සහ ඉශාරා මධුරංගි තම
පුද්ගලික ඉසව් ජයග්‍රහණය කල අතර දෙදෙනා එක්ව මිශ්‍ර යුගල ඉසව්වද ජයග්‍රහණය කරන ලදී.
ප්‍රථිඵල මෙසේය..

පිරිමි

විවෘත පිරිමි (කේවල )
ගුවන් භට රොහාන් සිරිසේන (ශූරතාවය )  

යුගල (අනුශූරතාවය් )
ගුවන් භට රොහාන් සිරිසේන
ගුවන් භට මිලින්ද කරුනාරත්න

කාන්තා

විවෘත (කේවල )
ගුවන් කාන්තා ඉශාරා මධුරංගි (ශූරතාවය )

විවෘත (යුගල )
ගුවන් කාන්තා ඉශාරා මධුරංගි (අනුශූරතාවය )
ගුවන් කාන්තා ශිරෝමි විමලරත්න

විවෘත (යුගල )
ගුවන් කාන්තා රොහන්සි විජේකෝන් (අනුශූරතාවය)
ගුවන් කාන්තා එම්. පීරිස්

මිශ්‍ර යුගල (ශූරතාවය )
ගුවන් භට රොහාන් සිරිසේන
ගුවන් කාන්තා ඉශාරා මධුරංගි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.