ගුවන් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 136 දෙනෙකු සමාජගත කිරීමට පියවර

මැදපෙරදිග සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 136 දෙනකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර 2020 ඔක්තෝම්බර් මස 20 වන දින මුලතිව් ගුවන් හමුදා කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් කරා පිටත් කර හරින ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති කොවිඩ්- 19 වෙෙරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහනට සහය දැක්වීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරන ලදී.

මුලතිව් ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරි කැප්ටන් ඒ එන් විජේසිරිවර්ධන ඇතුළු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධාන කටයුතු නිම කිරීමෙන් පසු ඔවුන් මෙසේ සිය නිවෙස් කරා පිටත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.