හදිසි ගං වතුර තත්වය හේතුවෙන් අවතැන් වූවන් හට ගුවන් හමුදාවෙන් සහන සේවා

හදිසි ගංවතුර තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ අවතැන් වූවන් හට සහන සැලසීමට ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරු සේවා පුද්ගලයින්ගේ උපරිමයෙන් දායකත්වය ලබා දෙන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ශල් රොෂාන් ගුනතිලක මහතාගේ උපදෙස් මත හිගුරක්ගොඩ කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ක්ලයිඩ් වීරකෝන් හා කදවුරු සේවා පුද්ගලයින්ගේ උපරිම දායකත්වයෙන් අදික වර්ෂාව හේතුවෙන් වේගයෙන් ගලායන ජල පහර නිසා අපහසු තාවයට පත්ව සිටින හා දේපල හානී වීම් හේත්වෙන් අවතැන් වූවන් ආරක්ෂාකාරී ස්ථාන වලට යොමුකර ඔවුන් සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් හිගුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලය හා වැලිවතුරේගම රාජ මහා විද්‍යාලයේදී බෙදා දෙන ලදී.

ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරු සේවා පුද්ගලයින් විසින් චන්දනපුර, ජයන්තිපුර ප්‍රදේශයන්හි ඇල මාර්ගයන් අසල සිරවී සිටින සිවිල් ජනතාව බෝට්ටු ආධාරයෙන් මුදවා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ද දියත් කරන ලදී.

පසුගිය පැය කිහිපය තුල 40 ආසන්න පුද්ගලයින්ගේ දිවි බේරා දීමට ගුවන් හමුදා මුදවා ගැනීමේ භටයින් සමත් වූ අතර ඝර්බනී කාන්තාවන් හා වයස්ගත පුද්ගලයින් ආරක්ෂක ස්ථාන කරා ගෙන යාමට කඩිනමින් කටයුතු කරන ලදී.

මෙම මහගු සත්කාරය සදහා බලපන්ති ලුතිනන් උදිත පතිරන, පියාසර නිළධාරී සමන් ප්‍රියන්ත ඇතුලු 10 සමන්විත කණ්ඩායම පෙරමුන ගෙන කටයුතු කරන ලදී





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.