පීක් ඉන්ටර්නැෂනල් වෙළඳ සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන් 95 මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

සීමාසහිත පීක් ඉන්ටර්නැෂනල් වෙළඳ (ටියැන්ජින්) සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන් 95 මුහුණු ආවරණ දසදහස් පන්සියයක් (10,500) ක් පරිත්‍යාග කරනලදී. එම මුහුණු ආවරණ තොගය සංකේතාත්මකව භාරදීම චන්දිම ද සිල්වා මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී,

ශ්‍රී ලංකාවේ දැනට උද්ගත වී ඇති කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන ක‍්‍රියාකාරී කටයුතු වලනියැලෙන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ප‍්‍රයෝජනය පිණිස මෙම එන් 95 මුහුණු ආවරණ භාවිතා කරනු ඇත.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.