සේවා වනිතා ඒකකයෙන් නිවාස ප‍්‍රදානය කෙරේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිම කරන ලද නිවාස කිහිපයක් ප‍්‍රදානය කිරීම 2020 ඔක්තෝම්බර් මස 29 වන දින බදුල්ල, නාකියාදෙණිය (ගාල්ල) සහ අකුරැුස්සේදී නසිදු කරනලදී. බදුල්ල ඉදිකරන ලද නිවස දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පහුුණු පාසලේ අංක 30 රෙජිමේන්තු පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ජීඩබ්ආර් මේනුවරගේ ප‍්‍රධානත්වයෙන් ආබාධිත නායක ගුවන් භට සම්පත් කුමාර එච්එම්පී හට ප‍්‍රදානය කරන ලදී.

ගාල්ල නාකියාදෙණිය සහ අකුරැුස්සේ ඉදිකරන ලද නිවාසයන් පිළිවෙලින් සැරයන් පද්මකුමාර බීජීටී සහ සැරයන් විජේසේකර ඒඩී හට ප‍්‍රදානය කරන ලදී. මෙම නිවාස ප‍්‍රදානයන් කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මනෝජ් ගලප්පත්ති ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ව්‍යාපෘතීන් සඳහා සේවා වනිතා ඒකකය අරමුදල් සපයන ලද අතර  දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පහුුණු පාසලේ සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු භට පිරිස් විසින් ඉදිකිරීම් කටයුතු සිදි කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය මෙහි අධීක්‍ෂණ කටයු සිදුකරන ලදී.

නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.

බදුල්ල ඉදිකරන ලද නිවස

අකුරැස්සේ ඉදිකරන ලද නිවස

නාකියාදෙණිය (ගාල්ල) ඉදිකරන ලද නිවස

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.