එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හට එයාර් චීෆ් මාර්ෂල් නිළයට උසස් වීමක්

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හට සන්නද්ධ හමුදා සේනාධිනායකයා වශයෙන් පැවරී ඇති බලතල ප‍්‍රකාරව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හට එයාර් චීෆ් මාර්ෂල් නිළය දක්වා උසස් වීමක් 2020 නොවැම්බර් මස 01 වෙනිදින සිට බලපැවැත්වෙන පරිදි ප‍්‍රදානය කරනලදී.

එයාර් චීෆ් මාර්ෂල් ඩයස් 2019 මැයි මස 29 වනදින 17 වන ගුවන් හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලද අතර 2020 නොවැම්බර් මස 02 වන දින සේවයෙන් විශාම යෑමට නියමිත වෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.