ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පරිත්‍යාගයක් පසුගිය නොවැම්බර් මස 7 වන දින කොළඹ ගුවන් හමුදා රයිෆල් පිටියේදී පැවැත්විණි.මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ බස්නාහිර පළාතේ පදිංචිව සිටින මානුෂිය මෙහෙයුමේදි ජීවිත අහිමි වු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පවුලේ සාමාජිකයින්ට නැවුම් එළවළු ඇසුරුම් බෙදා දීමයි.

පවත්නා තත්ත්වය තුළ පවුල්වලට ආධාර සැපයීමේ අරමුණින් මෙම ඇසුරුම් බස්නාහිර පළාතේ පිහිටි කඳවුරු වල සේවා වනීතා නියෝජිතයින්ට භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.